විවාහයේදී සැලකිලිමත් විය යුතු කරුණු

ඕනෑම පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වාම බලපවත්නා වූ ලග්නය පිළිබ`ද විවාහ අපේක්ෂකයන්ගේ විශේෂ අවධානය යොමුවන බව නොරහසකි. ජ්‍යොතිෂයට අනුව එක් එක් පුද්ගලයාගේ උපන් වේලාව අනුව ලග්නය තීරණය කෙරෙන අතර, මෙම ලග්න අනුව විවාහ අපේක්ෂකයන්ගේ පොරොන්දම් ගැළපීම සිදු වේ. විවාහයේ දී පොරොන්දම් ගැළපීම පමණක් නොව ආරූඪ ලග්නය හා උප පදයේ බලපෑම අනුව ද දෙදෙනෙකුගේ විවාහයෙහි සාර්ථක අසාර්ථක බව මැනිය හැකිය. 
විවාහයකට පෙර පොරොන්දම් ගැළපීමේදී ලග්න 12ට අනුව 7 වැන්න පිළිබ`ද විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. මෙහිදී ලග්න 12 තුළ එක් එක් ලග්නයට විවාහය සම්බන්ධ කරුණුවලදී 7 වැන්න බාධකයා වන ලග්න 4 ක් පවතී. 7 වැන්න බාධා වන ලග්න 4 වන්නේ මිථුන, කන්‍යා, ධනු හා මීන යි. මිථුනයේ හා කන්‍යාහි බාධකයා ගුරු ය. ධනු හා මීනයෙහි බාධකයා වන්නේ බුධ යි. මෙහිදී සිදු වන්නේ විවාහය, විවාහ සහකරු හා යහළු මිත‍්‍රාදීන් මේ සියල්ල සම`ග පවතින සබ`දතා ව්‍යාකූල වීමය. මේ හරහා විවාහය ප‍්‍රමාදවීම, සබ`දතා කැඞීම සහ සබ`දතා නොතිබීම යන කරුණු සිදු වේ. මෙම ලග්න 4හි ලග්නහිමියන්ට අවු. 28 වන තෙක් ආදර සබ`දතා පිළිබ`ද ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. ඇතැම් විට ආදර සබ`දතා කිහිපයක් තිබිය හැකි අතර, කිසිදු සබ`දතාවක් නොතිබීමේ අවස්ථා ද තිබිය හැකිය. 
බුධ ග‍්‍රහයා ඕනෑම කේන්ද්‍රයක 7 වැන්නේ සිටියොත් එය මරණකාරක පිහිටීමක් ලෙස හ`දුන්වයි. මෙයට හේතුව වන්නේ බුධ බුද්ධිය නියෝජනය වන ග‍්‍රහයා වීම නිසාම ලිංගිකත්වය ඔළුවෙන් පාලනය කිරීමට උත්සාහ කිරීමය. මෙහිදී මොළය ලිංගිකත්වයට යටත් වීම නිසා විවාහයන් 90%ක් අසාර්ථක වීමට ඉඩ තිබේ. 
හත්වැන්න පමණක් නොව ආරූඪ ලග්නය හා උප පදය විවාහයට බලපාන ආකාරය ද විශේෂ අවධානයට ලක් කළ යුතු කරුණකි. ආරූඪ ලග්නය මගින් පුද්ගලයෙකු සමාජය දකින ආකාරය පැහැදිලි කරනු ලැබේ. මෙය පිහිටන ස්ථාන 6 වන්නේ 3, 4, 5, 9, 10, 11 යන ස්ථානයි. මෙම එක් එක් ස්ථානය ආරූඪ ලග්නය නියෝජනය කිරීමේදී ජන්මියා සමාජය දකින ආකාරය වෙනස් වේ. උදාහරණ ලෙස මිථුන ලග්නාධිපතිව ආරූඪ ලග්නය තුන්වැන්නේ පිහිටියහොත් සමාජය විසින් දකිනු ලබන්නේ නිර්භය, වික‍්‍රමාන්විත, තම සහෝදර සහෝදරියන්ට සලකන, අභීත අයෙකු ලෙසිනි. ලග්නය මිථුන වීම නිසා දෙගිඩියාවක් ඇති අතර පටන්ගන්නා වැඩ මගදී නතර කරයි. එවිට ආරූඪ ලග්නයෙන් සහ ලග්නයෙන් පෙන්වන කරුණු නිවැරදිව අනාවරණය කරගත යුතුයි.
උප පදය වනාහි විවාහ සහකරු නියෝජනය කරන රාශියයි. උප පදය පිහිටන්නේ කුමන රාශියේ ද එම රාශියේ ගතිගුණ ලග්නකරුගේ සහකරු තුළ පිහිටයි. උදාහරණයක් ලෙස මිථුන ලග්නය වී උප පදය 4 පිහිටිය හොත් ජන්මියාට ලැබෙන්නේ බුද්ධිමත් ලාලිත්‍යයකින් පිරි කෙනෙකි. එම ග‍්‍රහ පිහිටීම 7 වැන්නේ හෙවත් බුධ ද, 4 වැන්නේ අධිපති වීම හරහා එය තවදුරටත් තහවුරු වේ. නමුත් මිථුන ලග්නය වී උප පදය 3 වැන්නේ පිහිටිය හොත් එම තුන්වන රාශියේ අධිපති සිංහ වන බැවින් ලග්නහිමියාගේ සහකරු හෝ සහකාරිය දැඩි ගතියකින් ක‍්‍රියාකරන නායකත්වයේ ලක්ෂණ හෙබි පුද්ගලයෙකු බවට පත් වේ.
ආරූඪ ලග්නය හා උප පදය පිහිටන ස්ථාන අනුව විවාහ සබ`දතාවේ ස්වභාවය තීරණය වේ. උදාහරණ ලෙස ආරූඪ ලග්නය 4 වැන්නේ පිහිටා 10 වැන්නේ උප පදය පිහිටියහොත් එනම්, ආරූඪ ලග්නයෙන් රාශි 7කට එහා උප පදය පිහිටා ඇති අවස්ථාවක දී කේන්ද්‍රහිමියා විවාහ වන්නේ තමා සිතූ පැතූ ආාකාරයේ අයෙකු සමගය. මෙවන් සබදතා බොහෝවිට විවාහ වන යුවළගෙන් එක් අයෙකුගේ පමණක් පැවතීම විවාහය සාර්ථක වීමට බලපායි. 
උප පදය 10 වන රාශිය වී ආරූඪ ලග්නය 11 වැන්නේ පිහිටා ඇති අවස්ථාවකදී අදාළ රාශි 12 න් පසු උප පදය පැවතීම නිසා මෙවන් සබ`දතා බොහෝවිට (50%* දික්කසාදයකින් කෙළවර වන ආකාරය දැකිය හැකිය. 
උප පදය පිළිබ`ද තවදුරටත් කතා කළ හොත් උප පදය තැන්පත් වන රාශිය එම රාශියෙන් 7 වැන්න එම රාශියෙන් 5 වැන්න පිළිබ`ද වඩාත් සැලකිලිමත් විය යුතුය. මන්ද උප පදයෙන් 7 වැන්න සහකාරියගේ ලිංගික රුචි අරුචිකම් නියෝජනය කරන අතර 5 වැන්න සහකාරියට ඇති දරුඵළ විස්තර කෙරේ. මෙම කරුණුවලට අමතරව උප පදය පිහිටන රාශියේ අධිපති සහ එම රාශියේ තැන්පත්ව ඇති ග‍්‍රහයින් අනුව සහකාරියගේ ස්වභාවය මනාව විස්තර කළ හැක. උදාහරණයක් ලෙස කන්‍යා ලග්නය වී උප පදය 10 වැන්න වූ මිථුනයේ තැන්පත්ව ඇතැයි සිතමු. එම 10 වැන්නේ සිකුරු ග‍්‍රහයා තැන්පත්ව ඇත්නම් එම පුද්ගලයාගේ සහකාරිය සන්නිවේදනයේ දක්ෂ ලලිත කලාවෙහි යෙදීමේ දක්ෂතාවය ඇති රූමත් අයෙකු වේ. 
මීට අමතරව සබ`දතා පිළිබ`ද කතා කිරීමේදී උප පදයේ ඇති විශේෂතම ලක්ෂණය වන්නේ යම්කිසි පුද්ගලයෙකුට විවාහයන් කිහිපයක් පවතිනවා නම් ඒ පිළිබ`ද විස්තර ද දැනගැනීමේ හැකියාව තිබීමයි. උප පදය විවාහය නියෝජනය කරන අතර උප පදයේ 7 වැන්න දෙවන විවාහය නියෝජනය කරයි. එමෙන්ම අපි ඉහත කීවා සේ ම දෙවන විවාහයක් පිළිබද කරුණු සලකා බැලීමේදී උප පදයෙන් 7 වැන්නේ පිහිටන ස්ථානය සහ ආරූඪ ලග්නය පිහිටන ස්ථානය අතර ඇති සම්බන්ධතාව බැලිය යුතුය. 
උප පදය ආරූඪ ලග්නය සහ 7 වැන්න බාධක රාශිය වන ලග්න පිළිබ`ද අපි අද කතා කළා. මෙම පිහිටීම් බොහාමයක් නිසා කෙනෙකුගේ විවාහයේ ස්වභාවය විවාහ වන තැනැත්තාගේ ස්වභාවය, චරිත ලක්ෂණ හා අංග ලක්ෂණ පැහැදිලිව හදුනාගන්නට පුළුවන්. එමෙන්ම යම්කිසි කෙනෙකු විවාහය තුළදී ඇති කරගන්නා බැදීම හෝ දුරස්ථභාවය ද මෙම ක‍්‍රමවේද හරහා පැහැදිලි කරගැනීමේ හැකියාව ලැබෙනවා. ආරූඪ ලග්නය හා උප පදයේ මෙම පිහිටීම් පිළිබද තවමත් බොහෝ පාඨක පිරිසක් තුළ කිසිදු අවබෝධයක් නැහැ. පොරොන්දම් ගළපනවාටත් වඩා ආරූඪ ලග්නය හා උප පදය විවාහ ජීවිතය පිිළිබද කරුණු රාශියක් පැවසිය හැකි නමුත්, පොරොන්දම් ගැළපීමේදී ද පුද්ගලයින් 2ගේ කායික මානසික ස්වභාවයන් සැසදීමක් පමණක් සිදු කරනු ලැබේ. පොරාන්දම් ගළපනවාට අමතරව ඉහත කී පිහිටීම් පිළිබ`දව ද අවධානය යොමු කරනවා නම් විවාහ ගැළපුම වඩාත් සාර්ථක කරගත හැකි වනු ඇත. කේන්ද්‍ර සටහන් මෙසේ පැවතියත් සැම විටම සිහි තබාගත යුතු දෙයක් වන්නේ කේන්දරයක් හරහා අප ජීවිතයේ 20%ක් පමණක් ක‍්‍රියාත්මක වන බවයි. අනෙකුත් 80% ක‍්‍රියාත්මක වන්නේ තමන්ගේ බුද්ධියට අනුව වීම නිසා බුද්ධිමත්ව, ආගම දහමට ලැදිව ක‍්‍රියා කිරීම තුළින් යහපත් පවුල් සංස්ථාවක් ගොඩනගා ගැනීමේ වරම ඔබට උදාවනු නොඅනුමානය