බදින්න පොරොන්දම් ගැලපෙන්නම ඕනෙද?

තරුණ තරුණියො ආදර සම්බන්ධතා පටන් ගන්නවා, බොහොම විශ්වාසයෙන්, ආදරයෙන් සහ අවබෝධයෙන් ඒ සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන යනවා. අන්තිමේදි දෙමවුපිය ආශිර්වාදයත් අරගෙන යනවා මගුල් පොරොන්දම් බලන්න. වැඩේ එතනින්ම හබක් වෙලා යනවා.

කොච්චර අවාසනාවක්ද නේද?

විවාහපත් වන්න සූදානමින් සිටින යුවලගේ විවිධ ගති ලක්ෂණ ගැන කියවෙන පොරොන්දම් 20ක් ගණනය කොට 50%ක වත් සමානකමක් ඇති උනොත් තමයි පොරොන්දම් ගැලපෙනවායැයි කියන්නේ. මේ පොරොන්දම් බැලීමේදී මෙය බලන ජ්‍යොතිෂවේදියාගේ ජ්‍යොතිෂ දැනුම ඉහල මට්ටමක තිබීම ඉතා වැදගත් වනවා. මොකද යම් යම් කාරණා නොගැලපුනත්  ඒ නොගැලපෙන කාරණා තේරුම් අරගෙන තම ජීවිතේ හැඩගස්සවාගන්න හැකියාව ඒ යුවලට තිබෙනව. ඒ නිසා මේ දේවල් ඒ අයගේ මනස කඩා වට්ටන්නේ නැතිව ඒ අයගේ ජීවිතවලට ධනාත්මක ශක්තියක් වන සේ පැහැදිලි කරදීම ජ්‍යොතිෂ වේදියාගේ වගකීමක් වනවා. ඒ වගේම තමයි පොරොන්දම් නොවෙයි මොනවා නොගැලපුනත් වෙන් වෙන්නේ නැහැ කියල හිතන් ඉන්න පෙම්වතුන්ටත් මේ පොරොන්දම පරික්ෂා කරල අනවශ්‍ය ප්‍රශ්න ඔලුවට දමාගන්න එපා කියලත් අපි මතක් කරනවා.